බලයලත් පාර්ලිමේන්තු නිලධාරීන්ට අමතරව කාරක සභා සභාපතිවරුන් විසින් වෙනත් අයෙක් කාරක සභාවේ වැඩකටයුතු සඳහා ගෙන්වා ගන්නේ නම් ඒ සඳහා තමාගේ පූර්ව ලිඛිත අවසරය ලබාගත යුතු බව කතානායකවරයා අද(20) පැවසීය.පසුගිය කෝප් කමිටු රැස්වීමක් සඳහා එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සිය පුත්රයා ද අනවසරයෙන් ඊට එක් කර ගැනීම මුල් කොට පසුගිය දා පාර්ලිමේන්තුවේ මහත් ආන්දෝලනයක් ඇති විය.