තවත් කොවිඩ් ආසාදිත මරණ 18ක්

පසුගිය 30 වෙනිදා සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ 18 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (31)තහවුරු කළේය.

මෙම මරණ අතර පිරිමි පුද්ගලයෝ 10 දෙනෙක් සහ කාන්තාවෝ 8 දෙනෙක් වෙති. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 542 දෙනෙකු ඊයේ දිනයේ අලුතින් හදුනාගැනුණි.

ඒ අනුව මේ දක්වා මෙරටදි හදුනාගත් සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 41 දහස් 73 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයන් 317 දෙනෙකු සුවය ලබා රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් ඊයේ පිටව ගියහ.

ඒ සමග මෙරට සම්පුර්ණ සුවය ලැබු කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂ දොලොස් දහස් 798 දක්වා ඉහළ ගොස් ඇත.

කාලීන පුවත්