අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රථ වාහන සඳහා අවම වේග සීමාවක් හඳුන්වා දීමට පියවර ගන්නා බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. නව විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි සති දෙකේදී නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවද හෙතෙම පැවසීය.එමෙන්ම, අධිවේගී මාර්ග වලදී අනතුරට ලක් වූවන් බේරා ගැනීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පිරිස් යෙදවීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන අතර අධිවේගී මාර්ග වල උපරිම වේග සීමාව 100Kmph ලෙස සටහන් වුවත් අවම වේග සීමාවක් නොමැති හෙයින් අවම වේග සීමාවක් ද ඇතුළත් වන ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කරන බවත් හෙතෙම මෙහි දී පැවසීය.