දයා රත්නායක සජබයට එක් කර ගත්තේ “වන් මෑන් ෂෝ”එකක් හැටියටද?- පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ විමසති

සමගි ජනබලවේග කළමනාකරණ කමිටුවෙන් පවා විමසුමක් කොට හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හදිසියේම සමගි ජන බලවේගයට එක්කර ගැනීම සම්බන්ධයෙන් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් අතර මතභේදාත්මක තත්වයක් හටගෙන තිබේ. ඉන් කොටසක් ඒ සම්බන්ධයෙන් සමඟි ජනබලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි විවේචනයට ලක් කොට තිබේ.දයා රත්නායක මහතා රාජපක්‍ෂ හිතවාදියකු බවත් එවැනි අයකු පක්‍ෂයට සම්බන්ධ කර ගන්නේ නම් ඔවුන් පිළිබඳව අනිවාර්යයෙන්ම විශේෂ විමසුමක් කළ යුතු බව සමගි ජන බලවේග ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ගේ මතය වී තිබේ.දයා රත්නායක මහතා පක්‍ෂයට සම්බන්ධ වූ බව පක්‍ෂයේ වගකිවයුතු ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ද දැනගෙන ඇත්තේ මාධ්‍ය මගින් බව පවසන එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයන් වැඩිදුරටත් පවසනුයේ සජිත් ප්‍රේමදාස මහතා ගේ මෙවන් අත්තනෝමතික ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පැරණි “වන් මෑන් ෂෝ”කතාව සිහි ගන්වන්නක් බව ය.

කාලීන පුවත්