ජල, විදුලි, තෙල්, වරාය අද උද්ඝෝෂණයක

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් හා මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබාදීමට එරෙහිව අද(03) දහවල් ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට එහි සේවකයින් තීරණය කර තිබේ.

විරෝධතා හේතුවෙන් විදුලි බිඳවැටීම් සහ ජල සැපයුමට බාධා සිදුවුවහොත් එහි වගකීම තමන් භාරනොගන්නා බව වෘත්තිය සමිති ඊයේ (02) මාධ්‍ය හමු පවත්වමින් අවධාරණය කළේය.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40%ක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරුණි.

කාලීන පුවත්