පාසල් වල 06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.ඇමති වරයා පවසනුයේඉතිරි විෂයන් 03 සිසුන් වෙසෙන ඒ ඒ පළාත් අනුව ආවේණික කර්මාන්ත ව්‍යාපාර සම්බන්ධ කර ගනිමින් හැදෑරීමට අවස්ථාව සලසා දෙන බවකි.එමෙන්ම, ඉදිරියේදී සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවත් මේ වනවිට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.අමාත්‍යවරයා පසුගිය දා මේ බව පැවසුවේ වරාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී ය.