කොළඹ – නුවර පාර කඩුගන්නාවෙන් වැසෙයි

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය නායයාමේ සහ ගල් පෙරලීමේ අවදානමක් සහිත පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් දින නියමයක් නොමැතිව වසා තැබීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසයි.ඒ අද (15) පැවති සාකච්ඡාවකින් අනතුරුවය.
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමට ලක්වූ ස්ථානය අද පෙරවරුවේ නිරීක්ෂණය කළේය. එම වසා දැමූ කොටස ආවරණය පරිදි විකල්ප මාර්ග කිහිපයක් හඳුන්වා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කොට ඇත.

කාලීන පුවත්