කොළඹ නගර සීමාවේ ගස් කඩා වැටීම් ඉහළට

පසුගිය දින දෙක තුළදී කොළඹ නගර සීමාවේ ගස් 20ක් පමණ ඉදිරී වැටී ඇතැයි කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

පසුගිය කාලයේදී කොළඹ නගරයේ අවදානමක් සහිත ගස් සලකුණු කළ අතර, මෙලෙස කඩා වැටුණු ගස් අතර අවදානමක් නොතිබෙන බවට හඳුනාගත් ගස්ද තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

කොළඹ නගර සීමාවේ අවදානම් සහිත ගස් 200ක් පමණ හඳුනාගෙන තිබෙන බවත්, ඉන් ගස් 100ක් පමණ මේ වනවිට ඉවත්කර ඇති බවත් පැවසේ.

මේ දිනවල පවතින අධික වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස ගස් කඩා වැටීම ඉහළ ගොස් තිබේ.

කාලීන පුවත්