නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් වැසි සහ සුළං තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පවසනුයේ බස්නාහිර හා සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවකි.