ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

පවතින වර්ෂාව හමුවේ ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි.

පවතින තත්ත්වය තුළ පසුගිය සඳුදා සිට මදුරු මර්දන සතියක්ද ප්‍රකාශයට පත් කරනලදි.

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24, 815 කි.

ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 09කි.

කාලීන පුවත්