පසුගිය රජය සමයේ විදේශ සංචිත වැරදි කළමනාකරණය හේතුවෙන් ඩොලර් සංචිත සිඳීයාම මත මෙරටට විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා ඩොලර් විශාල හිගයක් ඇති වී තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.මෙම තත්වය යටතේ ඉදිරියේදි සහල් පිටි සීනි පමණක් නොව ඛනිජ තෙල් පවා ආනයනය කර ගැනීමට නොහැකි වුවහොත් මුළු රට ම නතර වනු ඇතැයිද ඔහු පැවසීය.මෙරට ඩොලර් සංචිත ඉහළ නොගියොත් විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා කිසිදු ණයවර ලිපියක් නිකුත් කළ නොහැකි තත්ත්වයට රට පැමිණ ඇතැයි ද ඔහු කියා සිටියේය.ඩොලර් උපයාගැනීම සඳහා ඩොලර් මුද්‍රණය කිරීමේ කිසිදු හැකියාවක් ශ්‍රී ලංකාවට නැති බවද පැවසූ අමාත්‍යවරයා මෙම අර්බුදයෙන් ගැලවීම සඳහා හැකි තරම් ඩොලර් මවුබිමට එවන්නැයි විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් හට කර සිටින බව ද කියා සිටියේය.