යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් වරිය ශ්‍රී ලංකාවට

යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ මහත්මිය අද(16) අලුයම දිවයිනට පැමිණියාය.ඇය ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙලෙස දිවයිනට පැමිණ තිබේ.රජයේ ආරාධනාවක් මත ඇය මෙරට සංචාරයේ නිරතවේ.මෙම මස 19 වැනිදා දක්වා මෙරට රැඳී සිටින ඇය සිය සංචාරය අතරතුර අසූලේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වනු ඇත.එහි දී අනුරාධපුරය ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික නගරයක් බවට පත් කරවීමට අවශ්‍ය සහයෝගය ද ජනාධිපති වරයා ඇගෙන් ඉල්ලා සිටීමට නියමිත ය. ඇය මෙරට යුනෙස්කෝ ලෝක උරුමයන් නැරඹීමට නියමිත බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

කාලීන පුවත්