ප්‍රතිපත්තිවල වෙනසක් මිසක් ආණ්ඩුව එක්ක අපේ තරහක් නෑ

ආණ්ඩුව සමඟ තම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසිදු තරහක් නැති බවත් ඇත්තේ ප්‍රතිපත්තිවල වෙනසක් පමණක් බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මිස දේශපාලනඥයින්ගේ පමණක් පෞද්ගලික ආරක්ෂාව තර කරන ලෙස නොවේ යැයි ද ඒ මහතා පවසයි.ඔහු මේ බව පැවසූවේ අද( 16)පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයින් සමග මැතිවරණ කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කාලීන පුවත්