බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.

බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා දැනට වැයවන්නේ රුපියල් 20ක පමණ මුදලක් බවත් එම සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

බිත්තරයක් රුපියල් 45ත් 50ත් අතර තොග මිලකට වෙළඳපොලට ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

මේ වනවිට සාමාන්‍ය වෙළඳපොලේ බිත්තරයක් රුපියල් 50 ත් 55 ත් අතර මුදළකට අළෙවි වෙති.

කාලීන පුවත්