මත්තල – මඩකළපුව අධිවේගී මාර්ගය ඉදිකරනවා

තමන් බලයට පත් වූ පසු කලින් සැළසුම් කර තිබූ අධිවේගී මාර්ග පද්ධතියේ ඉදිකිරීම් නැවත ක්‍රියාත්මක කරමින් මත්තල සිට මඩකළපුව දක්වා අධිවේගී මාර්ගය ඉදිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම කිසිදු අවස්ථාවක ජාතික සම්පත් විදේශයන්ට අළෙවි කරන්නේ නැති බව ද ඒ මහතා අවධාරණය කරයි.ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කරන ජන රැළි මාලාවේ මඩකළපුවේ දී පැවැති ජන රැලියක් අමතමිනි.

කාලීන පුවත්