“කළු ගං තොට සිංහයා”සදහටම සමු ගනී

හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී ඇත.පෞද්ගලික රෝහලක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මිය ගොස් තිබේ.මිය යන විට 74 වැනි වියේ පසු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය.ඔහු 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත් විය.වෙල්ගම මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.දේශපාලන වාසි තකා වත් කිසි විටෙකත් ජනතාව නොරැවටූ සහ තම මතය සෘජුවම ඉදිරිපත් කළ දේශපාලනඥයකු වූ කුමාර වෙල්ගම මහතා ඉතා සරල චාම් දිවි පෙවෙතක් ගත කළ බව ද ප්‍රකට ය.එමෙන්ම මනා පෞරුෂයකින් යුතු ඒ මහතා ප්‍රදේශවාසීන් විසින් “කළු ගං තොට සිංහයා”යන ආදරණීය නාමයෙන් ද හඳුන්වන ලදී කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

කාලීන පුවත්