ලබන වසරේ සිට පාසල් දරුවන්ට පොත් මිල දී ගැනීම වෙනුවෙන් යම් සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වන බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.අගමැතිනිය මේ බව කියා සිටියේ අද (08) උදෑසන අතුරුගිරියේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරමින් ඔබ පැතූ පොහොසත් රට නිර්මාණය කිරීම සඳහා හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කරගන්නා ලෙසද ඉල්ලා සිටින බව ඇගමැතිනිය එහිදි වැඩිදුරටත් පවසා සිටියාය.