ආණ්ඩුවේ ප්‍රධානම මෙහෙයුම වන්නේ ග්රාමීයව, නාගරිකව මෙන්ම විශේෂයෙන්ම කඳුකරය ආශ්‍රිතව පවත්නා දුප්පත්භාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මෙරට දුප්පත්භාවය තුරන් කළ යුතු යැයිද, අවුරුදු 70ක් 80ක් ජීවත් වන සෑම පුරවැසියෙකුටම සාධාරණ ආහාර වේලක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්, ජීවත් වීමට නිවහනක්, ආදායම් මාර්ගයක් සහ මානසික නිදහසක් පුරවැසියාට අවැසි බවයි ජනාධිපතිවරයා අවධාරණය කරයි.
දුප්පත්භාවය තුරන් කිරීම සඳහා ආරම්භයක් ලෙස දැනට ලබාදෙන අස්වැසුම දීමනාව එළඹෙන අයවැය ලේඛනයෙන් සාධාරණ පංගුවකින් වැඩිකරන බවද සඳහන් කර සිටියි .
පාසල් පොත් මිලදී ගැනීම සඳහා දුෂ්කරතාවයෙන් පෙළෙන පවුල් සඳහා නව වසර ආරම්භයේදී පාසල් යන දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමට දීමනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් පැවසුවේ.
මේ වන විටත් විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000කින් ඔක්තෝබර් සිටි වැඩි කළ බව පැවසූ ජනාධිපතිවරයා එළඹෙන අයවැය ලේඛනයේදී සාධාරණ වැටුප් වැඩිකිරීමක් රාජ්‍ය සේවකයන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කර සිටියි.
දැනට පවතින දුප්පත්භාවයෙන් ලබාගත නොහැකි භාණ්ඩ හා සේවා ලබාගැනීමට සහාය ලබාදෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.