පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට හිමි වරප්රසාද මෙතෙක් කප්පාදු කර නැති බැවින් ඒවා ආකාරයෙන්ම ලබා දෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය සඳහන් කරයි.හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් නැවත භාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්රමාණයක් මේ වන විට අලුත්වැඩියා කටයුතු සිදුකරන බවත් ඒවා ලබා ගැනීම පිණිස මේ වන විට අයදුම්පත් 35ක් ලැබී ඇති බවද ඇය සදහන් කළාය.මන්ත්රී ප්රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙත ලබාදෙන බවත් මහ ලේකම්වරිය පැවසුවාය.108ක් වූ සම්පූර්ණ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් සඳහාත් 28ක් විපක්ෂයේ මන්ත්රීවරුන් සඳහාත් වෙන්කර ඇති අතර පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් තම නිවස පිහිටා ඇති මන්ත්රීවරුන්ට ඒ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බව ද කුෂාණි රෝහණධීර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.