සුරාබදු ගෙවීම් තවදුරටත් පැහැර හරින සමාගම්වල නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට සහ නිෂ්පාදන බලපත්ර ඊළග වසර සඳහා දීර්ඝ නොකිරීමට පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මත්පැන් නිෂ්පාදනාගාරවල හිඟ සුරාබද්ද සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර තිබේ.2024 වර්ෂයට අදාළව මත්පැන් නිෂ්පාදන සමාගම් 23ක් සඳහා ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිෂ්පාදන බලපත්ර නිකුත්කර තිබේ.
එම සෑම මත්පැන් බලපත්රයක් සදහාම සුරාබද්දක් නියමකර ඇති බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.නියමිත දිනවලදී එම බද්ද නොගෙවන ආයතන සඳහා මාසිකව හිඟ බදු මුදල් මත සියයට තුනක අධිභාරයක් පැනවීමට නීතිමය හැකියාවක් පවතින බවද එහි සඳහන්.
ඒ අනුව නියමිත බදු නොගෙවූ ආයතනයන්ට හිග බදු මුදල් ගෙවීම සඳහා පසුගිය 30 වනදා තෙක් කාලය ලබාදී තිබුණි.