රනිල් අද අල්ලස් කොමිසම හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ මහ ඇමති ලෙස සිටියදී සිදුවු බව කියන රාජ්‍ය මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටී. වික්‍රමසිංහ මහතාට අප්‍රේල් 17 වනදා අල්ලස් කොමිසම වෙත පැමිණෙන්නැයි දැනුම් දී තිබුණ ද එදින ඔහුට පැමිණීමට නොහැකි බව දැනුම් දීමෙන් පසු අද දිනයේ දී පැමිණ තිබේ.

කාලීන පුවත්