අද (07) පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැයක කාලයක් විදුලිය අත්හිටුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
බලශක්ති අමාත්‍යාංශය තෙල් ලබා නොදුණහොත් අද(07) දිනයේ සවස 6 .00 – රාත්‍රී 9.00 ත් අතර කාලයේ පැයක පමණ විදුලිය කප්පාදුවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවිය හැකි බවයි.
පසුගිය 23 වැනිදා සිට මේ දක්වා ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් ලබා නොදුණහොත් සපුගස්කන්ද සහ කොළඹ වරායේ පිහිටි බාජ් බලාගාරයෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වනු ඇතැයි, ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ය.