ලසන්ත වික්‍රමසිංහ පොහොර සමාගම් සභාපති කම එපා කියයි

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කොට ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට පත් කොට ඇති මුත් එම ධුරය භාර නොගැනීමට ඔහු තීරණය කර තිබේ.

ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට පත්කළ බව සඳහන් ලිපියක් මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා විසින් තමන් වෙත යොමුකර තිබූ බව ද නොවැළැක්විය හැකි හේතුවක් මත තමන්ට එම සභාපති ධූරය බාරගත නොහැකි බව ලිපියක් මගින් ලේකම්වරයාට දැනුම් දුන් බව ද ලසන්ත වික්‍රමසිංහ මහතා කියයි.

මිල්කෝ සමාගමේ සභාපති වශයෙන් දේශීය කිරි ආහාර ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සැළකිය යුතු මෙහෙවරක් ඉටු කරමින් සිටි ලසන්ත වික්‍රමසිංහ මහතා එම තනතුරින් ඉවත් කොට මේ වන විට සභාපති මට්ටමින් විසඳිය නොහැකි ගැටළු අර්බුද රාශියකට මුහුණ පා ඇති ලංකා පොහොර සමාගමේ සභාපති පදවියට පත් කිරීම ඔහු ගේ නායකත්ව හැකියාව ප්‍රවර්ධනය වීම වැළැක්වීමට ගත් දේශපාලනික උපාය මාර්ගයක් ද යන සැකය මේ වන විට මිල්කෝ සමාගමේ සේවකයන් තුළ පවතින බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

කාලීන පුවත්