අපි එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවටත් විනාශටත් පත් කළා

රුසියානු ආරක්ෂක හමුදා යුක්රේන දේශ සීමා ආසන්නයේ සිදුකළ යුද අභ්‍යාස නිම කිරීමෙන් පසු නැවත තම සේනාංක කඳවුරු වෙත කැඳවා ගන්නා බව රුසියාව නිවේදනය කිරීමත් සමග,රුසියාව යුක්රේන ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට ඇමරිකාව සහ එංගලන්තය ප්‍රමුඛ යුරෝපා රටවල් සිදු කළ අනාවැකි අසත්‍ය බව ඔප්පු වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි. තමන් වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළ බව පවසන රුසියාව .2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා ප්‍රකාශයක් නිකුත් කරමින්. කියා සිටියේ “අපි එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළා” යනුවෙනි.

කාලීන පුවත්