කරාපිටියේ “කරල් දොස්තරගේ”වැඩ තහනම්

කොවිඩ් රෝගය පිටු දැකීම පිණිස වන කරලක් නිපදවා ඇති බවක් පවසමින් හා කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරන වැඩ සටහන මාධ්‍ය මඟින් විවේචනය කළ බව පැවසෙන කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය වරයකු ලෙස සේවය කළ උදාර සම්පත් ගුණවර්ධන නමැත්තා වැඩ තහනමට ලක් කොට ඇත.ඒ ඔහු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය කරන ලද විනය පරීක්ෂණයකින් අනතුරුව ය.”කරාපිටියේ කොරෝනා කරල”යනුවෙන් පසුගිය කාලයේ ජනතාව අතර මහත් ප්‍රසිද්ධියක් ලැබූ පිළිගත් ඖෂධයක් නොවන මෙම කරල කරාපිටිය රෝහල විසින් නිපදවා බෙදාහරින බවට ජනතාව අතරේ පැතිර ගිය වැරදි මතය මුල් කොට පසුගිය කාලය පුරා දුර බැහැර ප්‍රදේශ වලින් පවා විවිධ පිරිස් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇදී ආ බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කී අතර එම කරල සඳහා අලෙවි ප්‍රවර්ධනයක් සිදු කිරීම පිණිස එම වෛද්‍ය වරයා විසින් කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරන වැඩ සටහන ඇතුළු රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මාධ්‍ය මඟින් බරපතල විවේචන එල්ල කොට තිබූ බව ද ප්‍රකාශ විය.එනිසාම “කරාපිටියේ කරල් දොස්තර” නමින් හඳුන්වන ඔහුගේ එම අනිසි ක්‍රියා කලාපය මුල් කොට සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් සිදු කරන ලද විනය පරීක්ෂණයකින් පසුව ඔහු මෙසේ වැඩ තහනමට ලක් කොට ඇත.

කාලීන පුවත්