අදත් පැය හතරකටත් වැඩි විදුලි කප්පාදුවක්

අදත්(24) පැය හතරහමාරකට වැඩි කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ. බී සී වශයෙන් නම් කළකලාප වලට උදෑසන කාලයේ පැය 2 යි මිනිත්තු 40 ක් සහ සවස් කාලයේ පැය 2 ක් වශයෙන් විදුලිය විසන්ධි කෙරේ. අනෙකුත් කලාපවල උදෑසන කාලයේදි පැය 2 ක් සහ සවස් කාලයේ පැය 2 යි මිනිත්තු 30 ක් වශයෙන් විදුලිය විසන්ධි කෙරේ. ඉන්ධන සහ ජල විදුලි ජනනය අඩුවිම හේතුවෙන් අද ජාතික පද්ධතියට මෙගා වොට් 1628 ක විදුලි ධාරිතාවක් අහිමි වන බව කොමිසම කියයි.මේ අතර කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයට නැප්තා සැපයීම ආරම්භ කර ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.නමුදු පසුගිය 22 දා අමාත්‍ය රෝහිත අබේවර්ධන මහතා විශේෂ කැබිනට් සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත පවසා සිටියේ ඊයේ සිට විදුලි කප්පාදු කිරීම් නතර කරන බවකි.

කාලීන පුවත්