ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94 ඉක්මවා ගොස් තිබේ.
මැදපෙරදිග කලාපයේ තෙල් සැපයුම සම්බන්ධයෙන් යළි මතුව ඇති අවිනිශ්චිතතාව හමුවේ අඛණ්ඩව දින දෙකක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙයි්.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙස සටහන් වී තිබේ.
මේ අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙස සටහන් විය.