වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට දඬුවම් නියම කිරීම ලබන වසරේ ජනවාරි 14 වැනිදා දක්වා කල් දමා තිබේ.මෙම නඩුවේදී ඇයට එරෙහි චෝදනාව පිළිගැනීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම සඳහා අධිකරණය එදින නියම කර ඇත.කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ අද (26) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා ඇය අදාළ චෝදනාවට වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබේ.අදාළ චෝදනාවට අනුව, 2015 ජූලි 17 වැනිදා සිට 2016 ජූලි 16 වැනිදා දක්වා වසරක කාලයක් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමෙන් ආගමන හා විගමන පනත උල්ලංඝනය කර ඇති බවට ඇයට චෝදනා එල්ල වී තිබිණි.වරද පිළිගැනීමෙන් අනතුරුව එම චෝදනාවට අදාළ දඬුවම් නියම කිරීම සඳහා 2027 ජනවාරි 14 වැනිදා නඩුව යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා දින නියම කර ඇත. දඬුවම් නියම කිරීමට පෙර ඇගේ ඇඟිලි සලකුණු ලබාගෙන අවශ්‍ය පසුබිම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබේ.මෙම නඩුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන හා විගමන පනත යටතේ ගොනු කර තිබිණි. වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටීමේ චෝදනා කිහිපයක් මෙන්ම, ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවක්ද ඇයට එරෙහිව ගොනු කර තිබූ බව වාර්තා වේ.ඩයනා ගමගේ මහත්මිය මීට පෙර එම චෝදනා සම්බන්ධයෙන් නිවැරදිකාරිය බව ප්‍රකාශ කර තිබූ අතර, අද දින එක් චෝදනාවකට වරද පිළිගෙන තිබේ.ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමේ සිද්ධිය ද මෙම නඩුවට පසුබිම් වන වෙනම නීතිමය කාරණයකි. 2024 මැයි 8 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීමෙන් අනතුරුව ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බව තීරණය කර තිබිණි.