රුසියා – යුක්රේන සාකච්ඡා බෙලරූස් දේශසීමාවේදී ඇරඹෙයි

රුසියා – යුක්රේන යුද්ධය නිමා කිරීම සඳහා වන සාකච්ඡා බෙලරූස් දේශ සීමාවේදී ආරම්භ කොට තිබේ. වහාම සටන් විරාමයකට එළඹ දැනට යුක්රේන දේශ සීමා තුළට පිවිස හිඳින රුසියානු හමුදා ඉවත් කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ බව යුක්රේන ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් සඳහන් වෙයි .රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡා සදහා සහභාගි වෙති. ජනාධිපති විලැඩිමීර් පුටින්ගේ ආධාරකරුවෙකු වන හිටපු සංස්කෘතික අමාත්‍ය ව්ලැඩිමීර් මෙඩින්ස්කිගේ ප්‍රධානත්වයෙන් යුත් රුසියානු නියෝජිත පිරිසට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුලු පිරිසක් එක්ව සිටිති.රුසියාව මෙහි දී දැඩි ලෙස අවධාරණය කොට ඇත්තේ කවර හෝ ගිවිසුමකට එළඹීමට පෙර අනිවාර්යෙන්ම යුක්රේනය නේටෝවට සම්බන්ධ නොවන බවට නීතිමය සහතිකයක් ලබාදිය යුතු බව ය . එමෙන්ම නේටෝ සාමාජික රටවල් ලබා දී ඇති යුද ටැංකි . මිසයිල නාශක හා මිනිසුන් රහිත ගුවන් යානා යුක්රේනයෙන් ඉවත් කර ගත යුතු බව ද රුසියාව ප්‍රකාශ කර ඇත.නමුත් මේ අතරේ ද රුසියානු හමුදා යුක්‍රේනයේ කිව් නගරයේ බලය සියතට ගැනීමේ අඛණ්ඩ උත්සාහයක යෙදෙන බව වාර්තා වෙයි.

කාලීන පුවත්