අවුරුදු කන්න ඉන්දියාවෙන් ණයට ගන්නා සහල් සතොස මඟින් අඩු මිලට

අවුරුදු කන්න ඉන්දියාවෙන් ණයට ගන්නා සහල් සතොස මඟින් අඩු මිලට මේ වන විට පාලනයකින් තොරව ඉහළ නැඟෙන සහල් මිල අඩු කොට සිංහල අලුත් අවුරුදු සමයේ ලංකා සතොස අලෙවි සල් මඟින් බෙදා හැරීම පිණිස වන පළමු සහල් තොගය මෙම සති අන්තයේ දී ඉන්දියාවේ සිට දිවයිනට ළඟාවන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන ඊට නාඩු, සම්බා සහ කැකුළු යන සහල් වර්ග මෙට්‍රික් ටොන් 40,000 තොගයක් ඇතුලත් වෙයි. ඒ අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 110 කටත්, කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කටත් සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 130 කටත් සතොස මගින් බෙදා හැරෙන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.ඒ වෙනුවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් වැය කොට ඇති බව පවසන වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනුයේ අදාල නෞකාව දිවයිනට ළඟාවූ වහාම එම සහල් තොගය වරායෙන් නිදහස් කොට දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි සල් වෙත යොමු කෙරෙන බවකි.

කාලීන පුවත්