IOC ඩීසල් මිල යළිත් ඉහළට?

ලීටරයකින් රුපියල් 125-120 ක පාඩුවක් ලබන බව IOC කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පවසයි.ඒෂියන් නිවුස් ඉන්ටර්නැෂනල්(ANI ) සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.ඒ අනුව ඉදිරියේදී යළිත් ඩීසල් මිල සංශෝධනයක් කිරීමට අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.“අපගේ මිලකරණය බොහෝ දුරට ජාත්‍යන්තර මිල සාධක මත රඳා පවතිනවා. මෙම අලාභය සහ අනෙකුත් ආර්ථික ගැටලු පිටුපස ඇති ප්‍රධාන හේතුව ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණය වීමයි,” යැයි ද ඔහු කියා තිබේ.

කාලීන පුවත්