ප්‍රහාරයට මුල් වූ මහින්ද ඇතුළු පිරිස අත් අඩංගුවට ගන්නැයි නීතිඥ කණ්ඩායමක් ඉල්ලති

ඉකුත් 09 වන දා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතාවලට කඩා වැදී අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් එහි සිටි පිරිසට පහර දී හානි සිදුකර සාපරාධී බියගැන්වීමකට කුමන්ත්‍රණය කර ආධාර අනුබල දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් අපරාධ නීතියට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලමින් නිතීඥවරුන් පිරිසක් පොලිස් මූලස්ථානයට ඊයේ (10) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.ඔවුන් එමඟින් පවසා ඇත්තේ ඉහත සඳහන් පිරිස සාපරාධී චෝදනා යටතේ අත් අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් චෝදනා කිහිපයක්ම ඇති බවකි.

කාලීන පුවත්