1988දී මගේ ගේත් ගිනිතිබ්බා. ඒ වේදනාව අපිත් දන්නවා

1988 වසරේ තම නිවසට ද ගිනි තැබූ බවත් 88/89 සිදුවීම් වලින් පසු ව සිය පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය මුළුමනින්ම ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ගත් බවත් ජනතා විමුක්ති පෙරමුණට විවිධ අවස්ථාවල දී විවිධ අර්බුදවලට මුහුණ පෑමට සිදු වුණත් එක ගල් කැටයක් හෝ අතට ගැනීමට උත්සාහ නො කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.ඒ පසුගිය සමයේ සිදු වූ දේපල ගිනි තැබීම් ආදී ප්‍රචණ්ඩ ක්‍රියා වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ බවට එල්ල වන චෝදනා වලට ඊයේ(18) පාර්ලිමේන්තුවේ දී පිළිතුරු දෙමිනි.”1988දී මගේ ගේත් ගිනිතිබ්බා. මතක තියා ගන්න. ඒ වේදනාව අපිත් දන්නවා හරිද? මැර කණ්ඩායම් පහර දෙනකොට බලං ඉන්න අපි සූදානම් නැහැ. ඒ මැර කණ්ඩායම්වලට විරුද්ධව අපි ගියා. වටවෙලා තරුණියකට පොලුවලින් පහරදෙනකොට හිතක් පපුවත් තියෙන කෙනෙකුට බලන් ඉන්න පුලුවන් ද?පස් කපලා, ගස් කපලා බිල්ඩින් හදාගත්තු මිනිස්සු..! රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අපි ඇති තරම් බැට කාපු සංවිධානයක්. පසුගිය සෑම මැතිවරණයකදීම වගේ අපේ සහෝදරයින් ඝාතනය වුණා..අපි ගල් කැටයක් අතින් ගත්තේ නෑ කී අනුර කුමාර දිසානායක මහතා”අපි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පෙනී සිටින අය”යැයි ද පැවසීය.

කාලීන පුවත්