ශාන්ති කර්මයක් සිදු සිදු කර ගැනීමට තම වියපත් මව ද සමඟ පැමිණි මාදම්පේ සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පැමිණි කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බව කියන සෙම්බුකට්ටිය ප්‍රදේශයේ දේවාලයක කපුවකු මාදම්පේ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙම කපුවා දුම්මලසුරිය යගන්වෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු අවුරුදු 8 හා 10 යන වයස් වල දරුවන් දෙදෙනකුගේ පියකු බව ද කියනු ලැබේ.මෙම කපුවා සෙම්බුකට්ටිය ප්‍රදේශයේ හිතවතකුගේ නිවසක කලක සිට මෙම දේවාලය පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
එම අවස්ථාවේ ශාන්තිකර්මය සිදු කිරීමට කිසියම් දෙයක් අවශ්‍ය බව පවසා එම දේවාලය පිහිටි නිවසේ මුළුතැන්ගෙට ගොස් එය රැගෙන එන ලෙසට කාන්තාවගේ මවට කපුවා පවසා තිබේ.ඒ අතර දේවාලය තුළ තනි වූ මෙම කාන්තාවට ආවේශයක මුවාවෙන් ලිංගික අතවර කිරීමට කපුවා උත්සාහ කළ බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලිසිය හමුවේ පවසා තිබේ. මෙම කපුවා ප්‍රදේශයේ කාන්තාවන් මෙන්ම කුඩා ළමුන් කීපදෙනකුට ද මෙලෙස ලිංගික අතවර කිරීමට කටයුතු කිරීමට ගත් උත්සාහයන් පිළිබඳව ද දැන් අනාවරණය වෙමින් තිබේ.