ශ්‍රී ලංකාවේ දී කරන ලද පරීක්ෂණ වල දී හානිකර බැක්ටීරියා වර්ග ඇතැයි හෙළිවීමෙන් ප්‍රතික්ෂේප කරන ලද චීන පොහොර තොගය රැගත් නැව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබෙන බවත් තව දින කීපයකින් එම නැව ලංකාවට ගොඩබෑමට සූදානමක් ඇති බවත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.මේ අතර එම නැව මේ වන විට සිංගප්පූරුව ද පසු කොට ඇති බව පවසන ජාතික සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා එම පොහොර තොගය මෙරටට ඇතුළුවීමට වැලැක්වීමට රජය ගන්නා පියවර කුමක්දැයි විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතමින් ප්‍රශ්න කළේය.ශ්‍රී ලංකාව විසින් එම පොහොර සාම්පල ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය දැඩි බලපෑම් කළ නමුත් ඒවා විෂ සහිත යැයි කීමට ආණ්ඩුවේ බලධාරීන්ට ශක්තියක් නොතිබූ බව ද ඔහු පැවසීය. එම චීන පොහොර සාම්පල් අප රටේ දී පරීක්ෂාවට ලක් කරන විටත් එම පොහොර තොගය සහිත නැව චීනයෙන් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබූ අතර එම පොහොර විෂ සහිත බවට ශ්‍රී ලංකාවේ පරීක්ෂණ වාර්තා ප්‍රතික්ෂේප කළ චීන රජය ශ්‍රී ලංකාව මෙම පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම දෙරට අතර හොඳ හිත පවා පළුදු වීමට හේතු විය හැකි බව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්ම දන්වා තිබිණ